News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

කොටි මහාවිරු දිනයට යාපනයේ සැරසිලි පොලිසිය තහනම් නියෝග ඉල්ලා උසාවි යයි

1309 Views


කොටි මහාවිරු දිනයට යාපනයේ සැරසිලි පොලිසිය තහනම් නියෝග ඉල්ලා උසාවි යයි

යාපනය විශ්ව විද්‍යාලය විසින් මෙවර මහා පරිමාණයෙන් දියත් කිරීමට සූදානම් වෙන මහවිරු සැමරුම් උළෙල අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස යාපනය පොලීසිය ඊයේ යාපනය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.යාපනය පොලීසිය විසින් යාපනය දිසා අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත්තේ මෙම මහවිරු සැමරුම් උළෙල නිසා පළාතේ නීතියට හා සාමයට විශාල බාධාවක් එල්ල විය හැකි බැවින් මේ සඳහා තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.යාපනය පොලීසිය විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දීම හෙට (23) දක්වා යාපනය දිසා විනිසුරුවරයා විසින් කල් දමා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post