චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ජාතික ආර්ථික සභාවේ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසනවා.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කලා. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු…
“මූඩීස් ආයතනය ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීමට හේතු දෙකක් තිබෙනවා.ඒ අඩු විදේශ විනිමය සංචිතය හා දේශපාලන අර්බුදය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණය අඩුවීමයි.ලංකාවේ ණය පියවීමේ හැකියාව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි ධාරිතාවක් තිබෙනවා. ශ්‍රී ලංකාව ණය ගෙවීම සඳහා වන බැඳීම ඒ ආකාරයෙන්ම සියයට 100ක්ම ඉටුකිරීමට වගකීමට බැදී සිටිනවා.අපි දැනටමත් මධ්‍ය කාලීන සාර්ව ආර්ථික නිර්ණායක සම්පූර්ණ කිරීමට අපි එකඟවෙලා තිබෙනවා. අපි ඒ ගමනෙන් වෙනස් වෙන්නේ නෑ. ශ්‍රී ලංකාවට විදේශ ණය ගෙවීමේ හැකියාව හා සංචිත ගැන ගැටලුවක් නෑ.ඩොලර් බිලියන 7.2ක් පමණ විදේශිය සංචිත තිබෙනවා. 2019 දී අපට ඩොලර් බිලියන 1.5ක සෛවරීත්ව බැදුම්කර ගෙවීමට තිබෙනවා.මෙය ගෙවීම සඳහා දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශීය සංචිත ගිණුමේ හම්බන්තොට වරාය ගිණුමේ ඉතිරිකරගත් ඩොලර් මිලියන 650ක් තිබෙනවා. රාජ්‍ය බැංකු තුනක් ලංකා සංවර්ධන බැදුම්කරවල ආයෝජනය කිරීමට සාකච්ඡා කරනවා.චීනයේ සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබා ගැනීමට සාකච්ඡා කරගෙන යනවා. අපිට කෙටි කාලයක් තුළ ඩොලර් බිලියන 2ක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා.”