News Line| Off Air
Generic placeholder image

Nov
22

නීතිය අතට ගන්න එපා, අගමැති මහින්දගෙන් තරුණ මන්ත්‍රීවරුන්ට අවවාදයක්

1055 Views


නීතිය අතට ගන්න එපා, අගමැති මහින්දගෙන් තරුණ මන්ත්‍රීවරුන්ට අවවාදයක්

උද්ගතවී ඇති ගැටළුකාරී තත්වය විසඳා ගැනීමට ක්‍රමවේදයක් තිබෙන නිසා නීතිය අතට ගැනීමට උත්සාහ නොකරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධාන තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පසුගිය දවසක අවවාද කරල තියනවා කියලා දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

කලහකාරීව හැසිරීමෙන් තමන්ගේ කීර්ති නාමයට ද හානි සිදු වෙන නිසා පාර්ලිමේන්තුවේ ආදර්ශමත්ව හැසිරෙන්න කියලා අගමැති මන්ත්‍රී පිරිසට පවසා තිබෙනවා. එහිදී තරුණ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ කතානායකවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව තමන් ඒ ආකාරයට හැසිරුණු බවයි. එහිදී අගමැති මහින්ද රාජපක්ෂ ඒ මන්ත්‍රිවරුන්ට පවසා ඇත්තේ කලහකාරීව හැසිරීමෙන් කිසිදු ගැටලුවක් විසඳා ගත නොහැකි බවත් සාකච්ඡා මාර්ගයෙන් පමණක් ගැටලු විසඳාගත හැකි බවත්ය.


News Articles
Latest Videos
Most Popular Post