වත්මන් ආණ්ඩුවට බහුතරය තිබෙන බැවින් නව කථානායකවරයෙකු පත්කර පාර්ලිමේන්තුව 2020 ඔක්තෝබර් වනතෙක් පවත්වාගෙන යන බව ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා..එක්සත් ජාතික පක්‍ෂයට මේ වන විට ඇත්තේ මන්ත්‍රී ධුර 88ක් පමණක් බවත්, මේ නිසා ඔවුන්ට 113 පෙන්වන බව සඳහන් කළ දිනට එය පෙන්විමට නොහැකි වූ බවද පවසා සිටියා.
අවශ්‍ය වු අවස්ථාවකදී ආණ්ඩුවේ බහුතරය පෙන්වන බවත් මේ අනුව ඉදිරියේදී මුලින්ම පැවැත්වෙන්නේ පළාත් සභා මැතිවරණය බවත් ඔහු සදහන් කලා. ඉන්පසුව ජනාධිපතිවරණය පවත්වන බවත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන නිසා සම්පූර්ණ නිල කාලය අවසන් වනතුරුම පාර්ලිමේන්තුව පවත්වාගෙන යන බවද පවසා සිටියා.පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත්කළ ගැසට් නිවේදනය අධිකරණ තීන්දුව ලැබීමට පෙර අවලංගු කළ හැකි බවද සදහන් කලා.