පසුගිය දිනවල ශ්‍රීලංකාවේ පාර්ලිමේන්තුවේ ඇතිව නොසන්සුන්කාරී වාතාවරණය නිසාම දෙස් විදෙස් බොහෝ දෙනාගේ අවධානය ඒ වෙත යොමු වී තිබෙනවා.කොහොම උනත් පර්ලිමෙන්තුව අවසන් වරට රැස්වූ නොවැම්බර් 14, 15, 16 සහ 19 යන දිනයන්ගෙන් එකකදිවත් පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රීවරයෙකු පිළිබඳව අපට අහන්න ලැබුණා.ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායකයි.
පාර්ලිමේන්තුවේ බොහෝ කලබගෑනි සිදුවූ මෙම දින හතරේම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පාර්ලිමේන්තු නොපැමිණි එකම මන්ත්‍රීවරයා වෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති ධුරය යටතේත් පසුගිය දා කැබිනට් ඇමැතිවරයකු ලෙස දිවුරුම් දුන් දුමින්ද දිසානායක මේ වන තෙක් වැඩ බාර ගැනීමට ගොස් නැතැයිද දැනගන්නට ලැබුණා.