රටට සම්බාධක පැනවීමේ හැකියාවක් ඇතිව තිබෙන බවත් ජපානය, ඇමෙරිකාව ශ්‍රී ලංකාවට ලබාදිමට නියමිතව තිබූ ආධාර නවත්වා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“බල උන්මාදයෙන් පරිණත හා දේශප්‍රේමීන් යැයි කියාගන්නා දේශපාලකයන් කොටසක් දේශපාලුවන් සෙ කටයුතු කරනවා. අපි පාලනය කරපු කාලයේ විදේශ සංචිත වැඩිවුණා. අපනයන සීඝ්‍ර සංවර්ධනයකට ලක්වුණා.අපි වක්‍ර බදු අඩුකරලා සෘජු බදු වැඩිකළා. ඒක හරියට ක්‍රියාත්මක වුණොත් සර්ව සාධාරණ ක්‍රමයක් බවට පත්වෙනවා. අපේ බදු ක්‍රමයේ අඩු නොතිබුණා කියලා කියන්නේ නෑ.”