News Line| Off Air
Generic placeholder image

Nov
23

විශ්වාසභංගය පිළිගන්න ඇමෙරිකාවෙන් ජනපතිට ඉල්ලීමක්

2030 Views


විශ්වාසභංගය පිළිගන්න ඇමෙරිකාවෙන් ජනපතිට ඉල්ලීමක්

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතියේ අධිපත්‍යයට අනුව පාර්ලිමේන්තුවේදී සම්මත වු විශ්වාසභංග යෝජනාව පිළිගන්නා ලෙස අමෙරිකානු සෙනෙට් සභික ක්‍රිස් වෑන් හෝලන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරනවා.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පවසන්නේ ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් පහ කිරීම හා විශ්වාසභංග යෝජනා දෙකක් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව දැඩි අවධානය යොමුව ඇති බවයි.

ප්‍රතිසන්ධාන හා ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සඳහා ජනාධිපතිවරයා පොරොන්දුවිමෙන් පසු 2015 වසරේ සිට අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය වර්ධනය වූ බව සෙනෙට් සභික ක්‍රිස් වෑන් හෝලන් පෙන්වා දෙයි.ගත වූ සති කිහිය තුළ ඇති වූ සිද්ධීන් නීතියේ අධිපත්‍යයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අවධානමක් එල්ල වන බව ද ඔහු පවසයි.

අමෙරිකානු සෙනෙට් සභිකයා ප්‍රකාශ කරන්නේ එම තත්ත්වය දෙරට අතර ශක්තිමත් වෙමින් පවතින මිත්‍රත්වයට තර්ජනයක් බවයි.


News Articles
Latest Videos
Most Popular Post