සිය දියණිය විසින් රචිත ‘ජනාධිපති තාත්තා’ කෘතියෙන් පසුව තමන් අලුත් දේශපාලන ග්‍රන්ථයක් රචනා කිරීමට අදහස් කරමින් සිටින බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිවා. කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී ඊයේ (23 වැනිදා) පැවැති ජාතික මැණික් හා ස්‌වර්ණාභරණ අධිකාරියේ රජත ජයන්ති සම්මාන උළෙලට එක් වෙමින් ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කර සිටියාඅ.
එහිදි ජනපතිවරයා ප්‍රකාශ කළේ “ජනාධිපති තාත්තා” නමින් මාගේ දියණිය විසින් රචනා කරන ලද පොතේ අඩංගු කරුණු ගෙනහැර දක්‌වමින් පාර්ලිමේන්තුවේදී අද මාව විවේචනය කළ මන්ත්‍රීවරුන්ට මම අද කියනවා, කලබල වෙන්න එපා. ලබන ජනවාරියේදී “රනිල් සමග අසාර්ථක දීගය” කියලා පොතක් පළ කරනවා.” යනුවෙනි.
එහිදී තව දුරටත් අදහස් දැක්‌වූ ජනාධිපතිවරයා
“අත් පිරිසිදු මිනිසුන්ට අත් අපිරිසිදු මිනිසුන් අභියෝගයක් නොවෙයි. ලංකාවේ ඕනෑම දේශපාලනඥයකුට මං අභියෝග කරනවා රටේ තත්ත්වය පිළිබඳ විවාදයකට එන්න කියලා. මම ඔවුන්ට පිළිතුරු දෙන්න සූදානම්. මම බලයේ ඉන්න ආපු කෙනෙක් නොවෙයි. යන්න ආපු කෙනෙක්. අද මම මේ දේශපාලනයේ උඩුගම් බලා පීනමින් සිටිනවා. පාවාදීම්, ද්‍රෝහිකම්, වංචාව, දූෂණවලට එරෙහිව අද මම උඩුගම් බලා පීනනවා. මේ සටනේදී මට නැති වෙන්න තිබෙන්නෙ දෙකයි. එකක් තනතුර, අනෙක ජීවිතය. ලෝකයේ රටවල් වෙනස් කළේ ජීවිත පරදුවට තබා තමයි. පාර්ලිමේන්තුවේ අද නොසිටි මාව ක්‍රීඩා භාණ්‌ඩයක් කරගෙන, පාර්ලිමේන්තුව ක්‍රීඩා පිටියක් කරගෙන ක්‍රියා කළ මන්ත්‍රීවරුන්ට මම මේ බව යළි මතක් කරනවා” යනුවෙනි.