News Line| Off Air
Generic placeholder image

Nov
24

ජනපතිට එරෙහිව පොල් ගසයි

429 Views


ජනපතිට එරෙහිව පොල් ගසයි

එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් බලයට පත්කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පක්ෂයට සිදුකරන්නාවූ අකටයුතුකම් වලට විරෝධය පා අද(24 ) සීනිගම දේවාලයේ දී දේව කන්නලව්වක් හා පොල් ගැසීමේ ව්‍යාපාරයක් පැවැත්විණි .

රත්ගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හා දකුණු පළාත් සභා මන්ත්‍රී සංජීව කරුණාතිලක මහතා විසින් සංවිධානය කළ මේ දේව කන්නලව්වට හා පොල් ගැසීමේ ව්‍යාපාරයට රත්ගම හා හික්කඩුව පළාත් පාලන ආයතනවල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල පිරිසක් සහභාගී වී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post