News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

නව ආණ්ඩුවක් බිහිවනතුරු රුපියල බාල්දුවීම වළක්වන්න බැහැ

880 Views


නව ආණ්ඩුවක් බිහිවනතුරු රුපියල බාල්දුවීම වළක්වන්න බැහැ

මෙරට මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශ්වාසනීයත්වය තහවුරු වන තුරු රුපියල අවප‍්‍රමාණය වීම වැළැක්විය නොහැකි බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා. අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල තවදුරටත් අවප‍්‍රමාණය වෙමින් පැවතීම සම්බන්ධයෙන් මාධ්‍යය කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

මෙරට මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශ්වාසනීයත්වය තහවුරු කිරීම වෙනුවෙන් මහජන ඡන්දයෙන් නව ආණ්ඩුවක් බිහිවිය යුතු බවද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

රුපියල අවප්‍රමාණ වීම ආර්ථික සංසිද්ධියක් මිස දේශපාලන කාරණාවක් නොවන බවද ඔහු මෙහිදී අවධාරණය කරනවා.

ශ‍්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රකාශිත විනිමය අනුපාත අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ රුපියල් 180.66ක් ලෙස සටහන් වුණා.


News Articles
Latest Videos
Most Popular Post