එළඹෙන වසරේදී වාහන මිල ගණන් 10% – 15 %ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනැ බව වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම සහ රටේ පවතින දේශපාලනික අස්ථාවරභාවය හේතුවෙන් මේ ආකාරයට වාහන මිල ගණන් ඉහල යනු ඇති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ප්‍රකාශ කරන්නේ.
මේ අතර Vehicle Importers Association of Sri Lanka (VIASL) හි සභාපති රන්ජන් පීරිස් මහතා පැවසුවේ රටේ මුළු වාහන අලෙවිය සියයට 60 කින් පහත වැටී තිබෙන බවයි.