News Line| Off Air
Generic placeholder image

Nov
25

ආණ්ඩුවේ ඇතුළේ ඉන්නෙත් ගේමෙන් – මරික්කාර්

1102 Views


ආණ්ඩුවේ ඇතුළේ ඉන්නෙත් ගේමෙන් – මරික්කාර්

පසුගිය අවුරුදු 03 හමාරක කාලය තුළ එක්සත් ජාතික පාක්ෂිකයා වෙනුවෙන් සාධාරණය ඉටු නොවූ බවත්,මෙවර ආණ්ඩු බලය ලබා ගත් පසු එය තවදුරටත් එය නොවන්නේ නම් ආණ්ඩුවේ නොසිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා ප්‍රකාශ කරනවා.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ, රුපියල් මිලියන 16 ක ප්‍රතිපාදනයෙන් කොළොන්නාව ආසනයේ සංවර්ධනය කර ඇති මාර්ග 14 ක් ජනතා අයිතියට පත් කිරීමට පෙර පැවැති සමාරම්භක උත්සවයට වැල්ලම්පිටියේ දී එක්වෙමින්ය.

“මේ පාර අපි ආණ්ඩුව ගත්තාම අපේ පක්ෂයේ ඉන්න ටයිකෝට් කාරයින්ට ආණ්ඩුව ගෙනියන්න දෙන්නේ නෑ. අපි අවුරුදු 03 හමාරක් පරිප්පුව කෑවා. දැන් මේ අපි දුක් විදලා, බෙදිලා වෙන්වෙලා ගිය සියළු දෙනා එකතු වෙලා ඉන්නේ. ටයි කෝට් කරයන්ට බලය අරන් දීලා හොරකම් කරන්න නෙමෙයි. අපේ යූන්පී කාරයින්ට ප්‍රතිලාභ ලබා දෙන්න.

ඒක කරන්න බැයිනම් අපි ආණ්ඩුවේ ඉන්නේ නෑ. මොකද හැමදාම කැප කිරීම් කරන්න බෑනේ. මේ පාර ආණ්ඩු ගත්තාට පස්සේ අපි කටවහගෙන ඉන්නේ නෑ. ගරු කරන්න ඕනේ , විනයක් තියෙන්න ඕනේ. එහෙමයි කියලා කටවහගෙන හිටියොත් අහිංසක පාක්ෂිකයාට අවුරුදු 23 ක් තැලිච්ච පොඩි වෙච්ච පාක්ෂිකයාට තමයි පාඩු වෙන්නේ. ඒ නිසා මෙතනින් පස්සේ අපි ඉන්න ඇතුලේ ගේමෙන් , ඩීල් දාන්න දෙන්නේත් නෑ. ඒවාට විරුද්ධව අපි එළියට එනවා”


News Articles
Latest Videos
Most Popular Post