News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

“නැවත ආණ්ඩුව පිහිටුවනවා” – එජාපෙ කියයි

1532 Views


“නැවත ආණ්ඩුව පිහිටුවනවා” – එජාපෙ කියයි

එළඹෙන සතිය අවසන් වීමට පෙර එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවක් පිහිටුවන බව දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් ප්‍රකාශ කරනවා.

එහිදී “තවත් අය නිහඬව ඉන්නවා අපි සමග එකතු වෙන්න කැමැත්තෙන්. එතකොට ඒ ආණ්ඩුව කියලා කියාගෙන ඉන්න අයට ඉතුරු වෙන්නේ 85ක් වගේ පිරිසක්. ඒ නිසා අපි නැවත ආණ්ඩුව පිහිටුවනවා. ඒක එක්සත් ජාතික පෙරමුණ සමග එකඟ වෙන ආණ්ඩුවක්. සන්ධාන ආණ්ඩුවක් බවට මේක පත්වේවි.” යනුවෙන් ප්‍රකාශ කළා.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද (25) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.


News Articles
Latest Videos
Most Popular Post