News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

පිපිරීමකින් 50ක් මරුට

747 Views


පිපිරීමකින් 50ක් මරුට

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල් නුවර පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා.

පූජක පිරිසක් රැස්ව සිටි ස්ථානයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත. පිපිරීමෙන් පුද්ගලයින් 83දෙනෙක් තුවල ලබා ඇත.

ඊයේ දිනයට යෙදී තිබූ නබි නායකතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවති ආගමික සැමරුමක් සදහා මෙම පිරිස කාබුල් නගරය වෙත රැස්ව ඇති බව සදහන් වෙනවා.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් බාරගෙන නැත.

අදාළ බෝම්බ පිපිරීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ 1000කට පමණ පිරිසක් සිටින්නට ඇති බවට විශ්වාස කෙරේ. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය ආසන්නතම මාස කිහිපය තුළ කාබුල් නුවර සිදුවූ දරුණුතම ප්‍රහාරයක් ලෙස සැලකේ.


News Articles
Latest Videos
Most Popular Post