News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

පාර්ලිමේන්තු ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ පොලිස් විමර්ශන ඇරඹෙයි

555 Views


පාර්ලිමේන්තු ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ පොලිස් විමර්ශන ඇරඹෙයි

පාර්ලිමේන්තු සභා ගර්භයේ ඉකුත් දා ඇතිවූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 05ක් ලැබී ඇති බව පොලීසිය ප්‍රකාශ කරනවා.

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

මේ වනවිට පාර්ලිමේන්තුවේ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියට පැමිණිලි 04ක් ලැබී තිබෙනවා.

පොලිස් මූලස්ථානයට එක් පැමිණිල්ලක් ලැබුණු අතර එය පොලිස්පතිවරයා විසින් විමර්ශනය සඳහා වැලිකඩ පොලීසිය වෙත යොමු කෙරුණා.

පාර්ලිමේන්තුවේ ආරක්ෂිත කැමරා දර්ශනද උපයෝගී කර ගනිමින් විමර්ශනද සිදු කෙරෙන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post