ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලය ලබා දී ඇත්තේ ජීවිත කාලයට නොවන බවත් ඔහුගේ නිල කාලය තවත් මාස 12කටත් වඩා අඩු කාලයකින් අවසන් වෙන බවත් එක්සත් ජාතික පක්ෂය සඳහන් කරනවා.එක්සත් ජාතික පක්ෂයේස සභාපති කබීර් හෂීම් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ යහපාලන රජය සමයේ සිදුවූ බව කියන දූෂණ අක්‍රමිකතා සෙවීමට ජනපතිවරයා පත්කරීමට යන කොමිසම පිළිගන්නා බවයි. එසේම එම කාලසීමාවේදි යම් දූෂණයක් සිදුව ඇත්නම් යහපාලන රජයේ ප්‍රධානියා ලෙසත්, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙසත් එහි වගකීමට ජනපතිවරයාද බැඳී සිටින බව කබීර් හෂීම් මහතා පෙන්වා දෙනවා.
එසේම විදේශීය ජනමාධ්‍යවේදීන් හමුවේ රනිල් වික්‍රමසිංහ තම ජීවිත කාලය තුළදී නැවතත් අගමැති ලෙස පත්කිරිමට කටයුතු නොකරන බවට ජනපතිවරයා කළ ප්‍රකාශය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංග උල්ලංඝණය කිරිමක් බවද ඔහු පෙන්වා දී තිබුණා.