News Line| Off Air
Generic placeholder image

Nov
26

තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන යාමේ සිදුවීමේ සාක්ෂිකරුට තර්ජන

459 Views


තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන යාමේ සිදුවීමේ සාක්ෂිකරුට තර්ජන

තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිදුවීමේ සාක්ෂිකරුවෙක් වන ලුතිනන් කමාන්ඩර් ලක්සිරි මහතාට තර්ජනය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඔහු පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා. මේ පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරන හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉදිරියේ මෙසේ තර්ජනය කර ඇති බවයි.

වත්මන් ආරක්ෂක මාණ්ඩලකි ප්‍රධානී වන්නේ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වන අතර ඔහු තරුණයන් 11 දෙනො පැහැරගෙන යාමේ සිදුවීමේ සැකකරුවෙක්ද වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post