News Line| Off Air
Generic placeholder image

Nov
26

නීතිඥ සංගමයේ සභාපති වරදට සමාව ඉල්ලයි

986 Views


නීතිඥ සංගමයේ සභාපති වරදට සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාවේ අනුමැතියකින් තොරව මාධ්‍ය හමුවක අදහස් දැක්වීම තුළින් තමන් වරදක් කොට තිබෙන බව එහි සභාපති, ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පිළිගෙන ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මෙම සමාව ඉල්ලීම පිළිබඳ විසිදහසක් පමණ වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයන්ට දැනුම් දී මාධ්‍ය නිවේදන නිකුත් කිරීමටද එකඟ වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නීතිඥ සංගමයේ මහාසභා රැස්වීමක් නොකැඳවීමටද තීරණය වූ බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

කොළඹ අලුත්කඬේ පිහිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ශ්‍රවණාගාරයේදී නීතිඥ සංගමයේ විධායක සභාව සහ නීතිඥ සංගමයේ සාමාජිකයන් පිරිසක් සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව එලෙස තීරණය කළ බවද මෙම සාච්ඡාව අතරතුර ඉතා උණුසුම් මුහුණුවරක් ගත් බවද නීතිඥ සංගමයේ ආරංචිමාර්ග සඳහන් කරනවා.

අගමැතිවරයා ඉවත් කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඇතුළු ජනාධිපතිවරයා ගත් ක්‍රියාවන් සාධාරණීය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය හමුවේ කරුණු දැක්වීම නීතිඥ සංගමයේ ව්‍යවස්ථාවට පටහැණි බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙන්ම සභාපතිවරයා නීතිඥ සංගමයේ ව්‍යවස්ථාවට පටහැණි අන්දමින් කටයුතු කරන හෙයින් ඔහුගේ කටයුතු සහ ක්‍රියාකලාපයන් හෙළා දැකීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂ මහාසභා රැස්වීමක් කැඳවන්නැයි නීතිඥ සංගමයේ සාමාජිකයන් විශාල පිරිසක් එහි ලේකම් කෞෂශල්‍ය නානායක්කාර මහතාට ඉල්ලීමක් කර තිබිණා.


News Articles
Latest Videos
Most Popular Post