ජනපතිවරයෙක් තමන්ගේ දූෂණ ගැන සෙවීමට පළමුවරට කොමිසමක් පත්කිරීමට යන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වරක් ඉතිහාස ගතවන බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරනවා.
2015-2018 කාලයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේදි සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සෙවීමට ජනපති කොමිසමක් පත්කරන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් මාධ්‍යෙව්දීන් හමුවේ කළ ප්‍රකාශයට සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් මංගල සමරවීර මහතා මේ බව ප්‍රකාශ කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වගන්තිය අනුව කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ ජනපතිවරයා බවත් එය සාමූහික වගකීම යටතේ ක්‍රියාත්මක බවත් ඔහු පෙන්වා දෙයි.