News Line| Off Air
Generic placeholder image

Nov
26

ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරන්න ගිය සිවාජිලිංගම් අත්අඩංගුවට

814 Views


ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරන්න ගිය සිවාජිලිංගම් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රි එම්.කේ.ශිවාජිලිංගම් සමග හතර දෙනෙකු අද යාපනයේ වැල්වෙට්ටිතුරේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රිවරයා සහ තවත් තුන් දෙනෙකු කේක් රැගෙන ත්‍රිරෝද රථයකින් ගොස් වැල්වෙට්ටිතුරේ ප්‍රභාකරන්ගේ නිවස පිහිටි ස්ථානයේ ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු ඇතුළු පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මෙහිදි ශිවාජිලිංගම් මන්ත්‍රිවරයා වරද පිළිගෙන ඇති බවත් වාර්තා වෙනවා.

කෙසේවෙතත් කේක් මිස ප්‍රභාකරන්ගේ ඡායාරූප හෝ වෙනත් කිසිවක් නොතිබූ නිසා පොලීසිය ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන පසුව නිදහස් කොට ඇති බවයි වාර්තා වෙන්නේ


News Articles
Latest Videos
Most Popular Post