News Line| Off Air
Generic placeholder image

Nov
26

මාතර සිසුවාට පිහියෙන් ඇන්න සැකකරුවන් පැමිණි යතුරුපැදිය සොයා ගනියි – සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් බෙදී යයි

911 Views


මාතර සිසුවාට පිහියෙන් ඇන්න සැකකරුවන් පැමිණි යතුරුපැදිය සොයා ගනියි – සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් බෙදී යයි

මාතර ඇල්වේල්ල පාර ප්‍රදේශයේ පෞද්ගලික පන්තියක් ආසන්නයේ දී පසුගිය 24 වැනිදා උසස් පෙළ සිසුවෙකුව තවත් සිසුන් පිරිසක් විසින් පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී සැකකරුවන් පැමිණි යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.

අපරාධය සඳහා යොදාගත් මෙම යතුරුපැදිය මාතර වෙලේ වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 05ක් විවිධ ප්‍රදේශවල මෙහෙයුම් සිදුකරමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post