News Line| Off Air
Generic placeholder image

Nov
26

රනිල්ට ආයෙත් අගමැති ධූරය දෙන්නේ නැහැ | ජනපති

691 Views


රනිල්ට ආයෙත් අගමැති ධූරය දෙන්නේ නැහැ | ජනපති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාකිසිදු අවස්ථාවක රනිල් වික‍්‍රමසිංහ මහතා නැවත අගමැති ධූරයට පත් නොකරන අතර එය මේ වන විට තමා එක්සත් ජාතික පක්ෂයට පැහැදිළිව සඳහන් කර තිබෙන බව පවසයි.

ඒසේම අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ වාර අවසාන කිරීම, කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම යන සියල්ල තමා විසින් සිදු කරන ලද්දේ නීත්‍යානුකූලව වන අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිවක් තමා සිදුකර නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (25දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී විදෙස් ජනමාධ්‍යවේදින් සමග පැවති හමුවකදී ය.

පසුගිය 14 වනදා පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූයේ ස්ථාවර නියෝග අනුව කි‍්‍රයාත්මක විය යුතු පිළිවෙතට නොවන අතර, ආණ්ඩුවක් පත් කර ගැනීම සහ ආණ්ඩුවක් වෙනස් කර ගැනීම යන ඉතා වැදගත් කාරණාවලට අදාළව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ දී හඬ අනුව නොව ඉලෙක්ට්‍රොනික් ඡන්ද ක‍්‍රමය හෝ නමින් ඡන්ද විමසීම වැනි විධිමත් ක‍්‍රමයක් භාවිතා විය යුතු බවත්, ඒ පිළිබඳ තමා කතානායකවරයා ඇතුළු පක්ෂ නායකයන්ගෙන් කළ ඉල්ලීම පිළිගෙන ඒ අනුව කටයුතු කිරීම පිළිබඳ සතුටු වන අතර, එම සියලුදෙනාට ස්තූතිය පළ කරන බව ද ප‍්‍රකාශ කළේය.

2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව තමා ජනාධිපති ධූරයට පත් කරගත්තේ ඉතා පිරිසිදු රාජ්‍ය පාලනයක් උදෙසා බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ උදෙසා ඉතාමත් සද් භාවයෙන් නිවැරදි ගමනක් යාමට සූදානම් වුව ද රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්කර මාස තුනක් යනවිට සිදුවූ මහා මංකොල්ලය වන මහ බැංකු මූල්‍ය වංචාව එම ගමන අඩාල කළ බව ද සඳහන් කළේය.

තමන් ඝාතනය කිරීමට උත්සහ දැරු දූෂිතයන් සමග තවදුරටත් ආණ්ඩු කිරීමට නම් තමන් රට වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් අපේක්ෂා ඉටු කර ගැනීමට වෙර දරන දූෂිත දේශපාලනඥයෙකු විය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා තම දේශපාලන ප‍්‍රතිපත්තිය එය නොවන අතර, දැඩි ලෙසම දූෂණයට විරුද්ධ තමන් නිරන්තරයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන අයෙක් බව ද ප‍්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post