News Line| Off Air
Generic placeholder image

Nov
26

රනිල් පාලනයේ දූෂණ සොයන්න ජනපතිගෙන් කොමිසමක්

511 Views


රනිල් පාලනයේ දූෂණ සොයන්න ජනපතිගෙන් කොමිසමක්

මහබැංකු මහා මංකොල්ලය සේම රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධූරයේ කටයුතු කළ කාලය තුළ එනම් 2015 සිට 2018 ඔක්තෝබර් 25 වනදා දක්වා කාලය තුළ ආණ්ඩුවේ සිදුවූ වංචා, දූෂණ සහ අක‍්‍රමිකතා පිළිබඳ සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බවත් ඒ තුළින් ඔවුන්ගේ තවත් වංචා, දූෂණ සහ අක‍්‍රමිකතා රැසක් රටට සහ ජනතාවට අනාවරණය වනු ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා.

ජනපතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ විදෙස් මාධ්‍යවේදින් සමග පැවැති සාකච්ඡාවකදී ය.

ඒමෙන්ම දිගින් දිගටම සිදුවූ අක‍්‍රමිකතාවයන් මෙන්ම හිටපු අගමැතිවරයාගේ අදුරදර්ශී සහ හිතුවක්කාරී කි‍්‍රයා පිළිවෙත හේතුවෙන් අගමැතිවරයා වෙනස් කර රටත්, ජනතාවත් වෙනුවෙන් සුබවාදී ගමනක් යාමේ නව මාවතක් තෝරා ගැනීමට තමාට සිදුවූ බව ද ජනාධිපතිවරයා සිහිපත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post