News Line| Off Air
Generic placeholder image

Nov
26

රනිල් මහින්දගේ වාහන තවම භාරදී නෑ ?

441 Views


රනිල් මහින්දගේ වාහන තවම භාරදී නෑ ?

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් භාවිත කිරීමට ලබාදී තිබූ සියලු වාහන මහින්ද රාජපක්‍ෂ මහතාට මෙතෙක් භාරදී නැතැයි වාර්තා වෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය විසින් භාර නොදුන් වාහන තවමත් පරිහරණය කරන බවද වාර්තා වෙයි.

සියලු වාහන ලබානොදීම හේතුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ඇතැම් අත්‍යවශ්‍ය කටයුතුවලට වාහන යෙදවීමේදී දුෂ්කරතා පැනනැගී තිබෙන බවද වාර්තා වේ.

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට අයත් වාහන 39ක් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන්ලැබීමට තිබෙන බව අග්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේකර මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයාගේ කටයුතු පහසුකිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහන ඇණියට වාහන 267ක් තිබිය යුතු බවත්,දැනට වාහන 228ක් පමණක් ලබාදී තිබෙන බවත් ලේකම්වරයා සඳහන් කළේය.

ඉතිරි වාහන සහ අරලියගහ මන්දිරය යළි ලබාදෙන්නැයි රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයට මේ දක්වා දැනුම් දීමක් කර නැති බවත්,එවැනි දැනුම්දීමක් කිරීමට පෙර අදාළ ආයතන හා වාහන ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බවත් ලේකම්වරයා පවසා සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post