News Line| Off Air
Generic placeholder image

Nov
26

ශ්‍රී ලංකා පිළේ අලුත්ම ගැටලුව මෙන්න

641 Views


ශ්‍රී ලංකා පිළේ අලුත්ම ගැටලුව මෙන්න

දඟ පන්දු යවන්නන් නිපන්දු යැවීම සම්බන්ධයෙන් අලුත් ගැටළුවකට මුහුණදීමට සිදුව ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග ප්‍රකාශ කරනවා.

ඒ, ශ‍්‍රී ලංකා – එංගලන්ත 03 වන ටෙස්ට් තරගයේ 03 වන දිනය වූ ඊයේ (25) දඟපන්දු යවන ක‍්‍රීඩක ලක්ෂාන් සඳකැන් සම්බන්ධයෙන් මතු වූ ගැටළුව පිළිබඳ අදහස් දක්වමින්.

එහිදී එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටොක් අවස්ථා දෙකකදී දවා ගනිමින් ලක්ෂාන් සඳකැන් යැවූ පන්දු 02ක් නිපන්දු ලෙස සටහන් වීම කාගෙත් කතාබහට ලක්වුණා.

සඳකැන්ගේ පාදය නියමිත සීමා ඉරෙන් ඉදිරියට පතිත කරමින් මෙම අවස්ථා දෙකෙහිදීම ඔහු පන්දු යවා තිබුණා. මේ පිළිබඳ අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා දඟ පන්දු පුහුණුකරු පවසා ඇත්තේ ඊට කිසිසේත්ම නිදහසට කරුණු නොමැති බවත් ගැටළුව කඩිනමින් විසඳා ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර එංගලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර 03 වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ 04 වන දිනය අදයි. ශ‍්‍රී ලංකා කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා තවත් කඩුලූ 06ක් අතැතිව ලකුණු 274ක් රැස්කර ගත යුතුයි.


News Articles
Latest Videos
Most Popular Post