News Line| Off Air
Generic placeholder image

Nov
26

ජනපතිගේ කථාවට සාගලගෙන් පිළිතුරු

1067 Views


ජනපතිගේ කථාවට සාගලගෙන් පිළිතුරු

පසුගිය මහින්ද රාජපක්ෂ පාලනයේදී සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සඳහා නීතිය ක්‍රියාත්මක නොවීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්, හිටපු නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාත් වග කිව යුතු බවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයට සාගල රත්නායක මහතා පිළිතුරු දී තිබෙනවා.

සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ වගකිවයුතු කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස ඉහළ පරීක්ෂණ සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත් වූ ආකාරය පිළිබඳව තමන් කිසිවක් ප්‍රකාශ නොකළ නමුත් දිගින් දිගටම මෙවැනි චෝදනා කරයි නම් බලපෑම් කළේ කවුද? කවදාද? කොතනදීද? හා කෙසේද? යන්න පිළිබඳව තමන් හෙළි කරන බවයි.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ස්ථාන මාරුවීම් ලබාදීම ජනපතිවරයා පරීක්ෂණ සඳහා මැදිහත්වූ ආකාරය දැක්වෙන මෑත කාලීන සිදුවිම්ක් බවත් එය පසුගිය වසර 3.5ක කාලය තුළ පුරුද්දක් වශයෙන් කළ බවත් ඔහු පවසනවා.

එසේම පසුගිය පාලනයේ දූෂණ සෙවීමට ජනපති පත්කිරීමට යන ජනපති කොමිසම පිළිගන්නා බවත් එසේ දූෂණ සිදුවී ඇත්නම් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා හා ජාතික රජයේ නායකයා ලෙස ඔහුද වගකිව යුතු බවත් සාගල රත්නායක මහතා වැඩිදුරටත් පවසයි.


News Articles
Latest Videos
Most Popular Post