කථානායකවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තු සභා ගර්භයට කැඳවනු ලැබූ පොලිස් නිළධාරින් පාර්ලිමේන්තුවේ රාජකාරියේ නියුතු පොලිස් නිළධාරීන් නොවන බවට විමල් විරවංශ ප්‍රකාශ කර සිටිනවා. පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් ගේ මාධ්‍ය සාකච්ජාවක් හමුවේ ඔහු මේ බව කියා සිටියා.
” සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සභාවට කැඳවන්නේ පාර්ලිමේන්තුවේ රාජකාරිවලට අනියුක්ත කරලා තියෙන පොලිස් නිළධාරින්, නමුත් පසුගියදා කථානායකවරයා සමග සභා ගර්භයට පැමිණියේ පිටින් ගෙන්නපු කට්ටියක් කියලා අපිට ආරංචි ලැබිලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න කියලා අපි වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වනවා”