ලබන දෙසැම්බර් මස 04 වැනිදා විශේෂ සමුළුවක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.මෙම සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගනයේ පැවැත්වෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසා සිටියේ.
විශේෂ සමුළුවේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමටත් රටේ වත්මන් දේශපාලන තත්ත්වය ගැන අදහස් ප්‍රකාශ කිරීමටත් සූදානමින් සිටින බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.