තමන් කවදාවත් අගමැති වීම සඳහා අවධානය යොමුකර නොමැති බවත් ජනපතිවරයා තමා සම්බන්ධයෙන් කළ චෝදනා පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙසත් අද පාර්ලිමේන්තුවේදී සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා කතානායකවරයාට දන්වා සිටියා
“ජනපතිතුමාව ඝතනය කිරීමට මම උත්සාහ කරන බව පවසනවා. මෙය බරපතල චෝදනාවක්. ඒ ගැන වහාම පරීකෂණයක් කළ යුතුයි. මම අගමැති කරන්නේ නෑ කියලයත් ජනපති කියලා තියෙනවා. මම කවදාවත් අගමැති වෙන්න හිතලා නෑ.”