News Line| Off Air
Generic placeholder image

Nov
28

දේශපාලනය මහජන සේවාවක් බවට පත් කළ යුතුයි

565 Views


දේශපාලනය මහජන සේවාවක් බවට පත් කළ යුතුයි

වර්තමානයේදි ආදයම් මාර්ගයක් බවට පත් කර ගෙන ඇති දේශපාලනය මහජන සේවාවක් බවට පත් කිරිම තම අරමුණ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඊයේ මාතලේ දි පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක…

අපේ රට දිගු කාලිනව ගොඩනැගිමට නම් අපි කළ යුතු කාර්යන් රාශියක් තියෙනවා.අපි පොදු සම්මුතියකට ආ යුතුයි.අවුරුදු 70ක් තිස්සේ මේ රට පාලනය කළ මේ පක්ෂ දෙකට රට ගොඩනගන්න බැහැ කියන එක අද ඔප්පු කරලා ඉවරයි.මේ කදවුරු දෙකටම මේ රට ගොඩ නගන්න බැහැ. කිසිදු විවාදයක් නැතිව ඒ බව පසුගිය කාලය පුරාවම ඔප්පු කර හමාරයි. මේ මාසය තුළ එය වඩාත් හොදින් ඔප්පු කළා. තවදුරටත් මේ අය පිළිබදව අපි කතා කරලා වැඩක් නැහැ. මහින්ද.මෛත්‍රි රනිල් බැසිල් රවි.මලික් වැනි අය ගැන කතා කරලා වැඩක් නැහැ. අපිටත් දැන් කතා කරලා ඇති වෙලා තියෙන්නේ. මේ රටේ ඉතිහාසය කියවන කෙනෙකුට ආණ්ඩුවක් හදන්නේ කොහමද වට්ටන්නේ කොහමද කියලා ඔප්පු කරලා ති‍යෙනවා.


News Articles
Latest Videos
Most Popular Post