News Line| Off Air
Generic placeholder image

Nov
28

පොදු අපේක්ෂක මෛත්‍රීට රනිල් එවූ ලිපියක් ගැන හෙළිදරව්වක්

1052 Views


පොදු අපේක්ෂක මෛත්‍රීට රනිල් එවූ ලිපියක් ගැන හෙළිදරව්වක්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සියලු බලතල පවරාගෙන කටයුතු කිරිම හරහා ජනපති මෛත්‍රීපාල සිරිසේන රූකඩයක් වෙන තැනට පත්වෙමින් තිබුණ බව අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේ.

එසේම 2015 වසරේ ජනවාරි 6 දා එවකට විපක්ෂනායක ලෙස කටයුතු කරමින් සිටි රනිල් වික්‍රමසිංහ එවකට පොදු අපේක්ෂක වූ මෛත්‍රීපාල සිරිසේන හට ලිපියක් යොමුකරමින් ජනපතිවරණයේ පසුව ඔහුව අගමැති ලෙස පත්කරන ලෙසටත් සියලු බලතල තමන්ට පවරාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙසට දන්වා තිබූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

“මෙයින් හැදුවේ ජනපතිතුමා නිකන්ම ජනපති පුටුවේ වාඩි කරලා තබන්නයි. ජනපති බලතල විතරක් නෙමෙයි හැම බලයක්ම එකම තැනකට හේත්තුවෙලා තිබුණේ. අමාත්‍යවරුන් ගතයුතු තීරණ ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික කමිටුව හරහායි. ” යැයි ඔහු සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post