News Line| Off Air
Generic placeholder image

Nov
28

දිනකට කාන්තාවන් 137 දෙනෙකු ඝාතනය වෙනවා

476 Views


දිනකට කාන්තාවන් 137 දෙනෙකු ඝාතනය වෙනවා

ලොව පුරා දිනකට කාන්තාවන් 137 දෙනෙකු සිය සහකරු හෝ පවුලේ සාමාජිකයෙකු අතින් ඝාතනය වන බවට අනාවරණය වී තිබෙනවා.අපරාධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිකුත් කළ නවතම දත්ත අනුව මේ බව අනාවරණය වි ඇති බවයි වාර්තා වෙන්නේ.

කාන්තාවක් ඝාතනයට ලක්වීමේ වැඩි අවදානමක් ඇති ස්ථානය සිය නිවස බවද එම වාර්තාවේ සඳහන් වෙනවා.

එම කාර්යාලය නිකුත් කළ වාර්තාවට අනුව 2017 වසරේ කාන්තාවන් 87,000 ඝාතනයට ලක්ව ඇති අතර ඉන් වැඩි පිරිසක් ඝාතනයට ලක්ව ඇත්තේ සිය හිතවතුන් අතින් බව සඳහන්.ඒ අනුව කාන්තාවන් 30,000ක් පමණ සිය සහකරු විසින් ඝාතනය කර ඇති අතර කාන්තාවන් 20,000ක් පමණ තම පවුලේ සාමාජිකයින් විසින් ඝාතනය කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post