News Line| Off Air
Generic placeholder image

Nov
28

ලංකාවේ දිඟන ගැටුම ගැන Facebook සමාගම වැරදි පිළිගනී

619 Views


ලංකාවේ දිඟන ගැටුම ගැන Facebook සමාගම වැරදි පිළිගනී

ශ්‍රී ලංකාවේ දිගන ප්‍රදේශයේ ඇතිවූ ගැටුමේදී ෆේස්බුක් සමාගම අතින් අත්වැරදීම් සිදුව ඇති බව එම සමාගමේ ප්‍රතිපත්ති නිරාකරණය කිරීමේ උප සභාපති රිචඩ් ඇලන් මහතා පවසනවා.

එංගලන්ත පාර්ලිමේන්තුවේදී ෆේස්බුක් සමාගමේ නිලධාරීන්ගෙන් ප්‍රශ්ණ කිරීම්වලදි ඔහු මේ බව සඳහන් කර තිබේ.දිගන ඇතිවූ සිදූවීම් සම්බන්ධයෙන් ඇලන්ගෙන් ප්‍රශ්ණ කර ඇත්තේ සිංගප්පූරුවේ නීති හා සෞඛ්‍ය ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අමාත්‍ය එඩ්වින් ටොංග් මහතායි.

“අපි වැරදි කළා. අපේ වගකීම ඒ වැරදි සංඛයාව අඩු කිරීමයි. අපි මේ වන විට කෘතිම බුද්ධිය වෙනුවෙන් වැඩි වශයෙන් ආයෝජනය කරමින් ඉන්නවා. ඒ හරහා වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් අපි ශබ්ද කෝෂයක් සෑම භාෂාවකට අදාළව සකස්කරමින් යනවා.වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් වන හොඳම විසඳුම තමයි ඒ සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් ශබ්ද කෝෂයක් නිර්මාණය කිරීම.”

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් කරන ප්‍රශ්ණ කිරිම් සඳහා ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් එක්වි යුතු වුවත් ඔහු ඊයේ (27දා) දිනයේදි ඒ සඳහා එක් නොවුණි.


News Articles
Latest Videos
Most Popular Post