පසුගිය 26 වෙනිදා සිදුවුණ අගමැති මාරුවත් සමග රටේ ඇති වී තිබෙන අස්ථාවර භාවය ඉක්මණින්ම විසදා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකික කාන්තාවන් අද දවසේ ජනපති ලේකම් කාර්‍යාලයේදී ජනපතිට ලියුමක් භාර දීමට නියමිතව තිබුණා. ඒ උපනුපන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලාංකීය කාන්තාවන් වෙතින් කෙරෙන ඉල්ලීමයි යන තේමාව යටතේයි. මෙම ලිපියට රටේ ජනප්‍රිය රංගන ශිල්පිණීන්, ගායන ශිල්පිණීන් මෙන්ම විවිධ වෘතිකයන් සහයෝගය පලකර තිබෙනවා. කෙසේ නමුත් අද දිනයේ කොලඹ ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාවද නොතකමින් ඔවුන් මේ ලිපිය භාර දීමට පැමිණ සිටියා. මේ ඒ අවස්ථාවේ වීඩියෝ කිහිපයක්….