News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
28

ස්මිත් හා වොනර් නැවතත් ක්‍රිකට් පිටියට එයි

585 Views


ස්මිත් හා වොනර් නැවතත් ක්‍රිකට් පිටියට එයි

පන්දුව පළුදු කිරීමේ චෝදනාව හේතුවෙන් ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීව් ස්මිත් බංගලදේශ ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට නියමිතව තිබෙනවා.තරගාවලියේ දී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඔහු තරග වැදීමට නියමිත බව වාර්තා වෙයි.

මීට අමතරව තරග තහනමට ලක්වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු උප නායක ඩේවිඩ් වොනර් ද එම ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට නියමිත බව සඳහන්ය.06 වන වරට පැවැත්වෙන බංගලාදේශ ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ ජනවාරි මස 05 වනදා සිට පෙබරවාරි මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

පසුගිය මාර්තු මාසයේදී දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයක් අතරතුර පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වොනර් මාස 12 ක ජාත්‍යන්තර සහ දේශීය තරග තහනමකට ලක් කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post