පාර්ලිමේන්තුව තුළ පසුගිය 14 , 15,16 යන දිනයන්වලදී ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් අභ්‍යන්තර පුලුල් විර්ශනයන් පැවැත්වීට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ බව කථානායක කරු ජයසුර්ය අද පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.
මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර , චන්ද්‍රසිරි ගජදීර , බිමල් රත්නායක , සහ මාවෙයි සේනාධිරාජා මහත්වරුන් නම්කර තිබේ. මෙම කමිටුවේ වාර්තාව හැකි ඉක්මණින් සභාවට ඉදිරිපත්කිරීමට කටයුතු කරන බවද ඊට අමතරව පොලිසියෙන් විමර්ශනයක් පවත්වන බවද කථානායකවරයා සඳහන් කලා.