News Line| Off Air
Generic placeholder image

Nov
29

රතන හිමි විපක්ෂයේ සිට විශේෂ ප්‍රකාශයක් කරයි

1258 Views


රතන හිමි විපක්ෂයේ සිට විශේෂ ප්‍රකාශයක් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් විශේෂ ප්‍රකාශයක් මේ වනවිට සිදු කරමින් සිටි.

“ වර්තමාන පාර්ලිමේන්තුව ගොඩනැගීමේදි නව රජයක් පත්කිරීමට මා දරූ ප්‍රයන්තයට ගෞරවයක් ඇති කියලා හිතනවා.අපි එක්සත් ජාතික පක්ෂයත් සමග එකතුවෙලා විශාල කැපවීමක් කළා. පහුගිය ආණ්ඩුව කොළඹ නගරය කැසිනෝ නගරයක් කරන්න ගියාම මම විරුද්ධ වුණා. අදත් මම මගේ හෘද සාක්ෂිය රට වෙනුවෙන් කියනවා. මෙය ජනපතිට බැණ වැදීමෙන් විසඳගන්න බෑ. අපේ ව්‍යවස්ථාව ගෙනි යන්න ව්‍යවස්ථාදායක සභාව හා විධායකය තුළ එකඟතාවක් ඕන. ත්‍රස්තවාදය පරාජය කිරිමට අපි විශාල සහායක් දුන්නා.දැන් මේ ව්‍යාකූලත්වය නිසා ප්‍රශ්ණ ගණනාවක් තිබෙනවා. සියලු දෙනාම සිංගප්පූරු ගිවිසුමට විරුද්ධ වුණා. මම අගමැතිතුමා හමුවී කිව්වා ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් හදමු කිව්වා. පරිසර නීතිය අලුත් ලෝයකත් සමග සම්මත කළ යුතුව තිබුණා. විධායක ජනපති හැටියට බලය පාවිච්චි කළේ නෑ කියන චෝදනාව මමත් කරනවා. හම්බන්තොට වරාය අපට අහිමිවුණා. මේ තත්ත්වය වහාම අවසන් කළ යුතුව තිබෙනවා.පළමුවෙන්ම කෙටි කාලයකට ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. ආණ්ඩු බලය තියාගෙන යනවා වෙනුවනට දෙපාර්ශ්වයට බලය ලැබෙන ලෙස ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. ඉතාම ඉක්මනින් මැතිවරණයට ගොස් ජනමතය උරගා බැලිය යුතුයි.”


News Articles
Latest Videos
Most Popular Post