News Line| Off Air
Generic placeholder image

Nov
29

කූඹියෝ රචකයා ගැන තොරතුරු සොයන්න පොලීසිය මහජන සහය පතයි

1353 Views


කූඹියෝ රචකයා ගැන තොරතුරු සොයන්න පොලීසිය මහජන සහය පතයි

අතුරුදන් වූ සාගර චන්ද්‍රසිරි සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා. වැලිකඩ පොලිස් වසමේ අංක 63, පාසල් මාවත, නාවල රාජගිරිය පිලිනයේ පිහිටි කුලී නිවසේ පදිංචිව සිටි අංක 883බී, සේනානායක මාවත, වන්නියන්කුලම අනුරාධපුරය ලිපිනයේ පදිංචි ජයලත් ආරච්චිලාගේ දොන් දමිත සාගර චන්ද්‍රසිරි ඉකුත් ඔක්තෝබර් මස 24 වැනිදා සිට ආගිය අතක් නොමැති බව පවසමින් ඔහුගේ මිතුරෙකු ඊට දින කිහිපයකට පසු වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් කර තිබෙනවා.

මෙම අතුරුදන් වූ පුද්ගලයාගේ ඡායාරූපයක් පහතින් දැක්වෙන අතර ඔහු ගැන තොරතුරක් දන්නා අයෙක් වේ නම් 0112 86 25 22 හෝ 0718 591 650 යන අංක වෙත අමතා දැනුම් දෙන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

කූඹියෝ හී තිර පිටපත් රචකයා වන්නේද මේම අතුරුදන් වූ සාගර චන්ද්‍රසිරියි.


News Articles
Latest Videos
Most Popular Post