News Line| Off Air
Generic placeholder image

Nov
30

අගමැති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥයා අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීම මෙන්න

838 Views


අගමැති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥයා අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීම මෙන්න

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට ප්‍රකාශයට පත් කොට ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභා කරන ලෙසට අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව නීත්‍යානුකූල නොවන බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියදී කථානායකවරයා නීතිවිරෝධී ලෙසට පාර්ලිමේන්තුව කැඳවා ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන පැවසුවා.

විශ්වාසභංග යෝජනාව හඬ අනුව ලබා ගෙන ඇත්තේ ස්ථාවර නියෝග අත්හිටුවා ඇති අවස්ථාවකදී බව ඔහු තවදුරටත් තර්ක සිදුකළා.

එහිදී ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන පවසා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් තීන්දුවක් ලබා දෙන තුරු මෙම පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවයි.

තවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පවසා සිටියේ මෙම පෙත්සම පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් වන බැවින් මෙම පෙත්සම විමසීමට අභියාචනාධිකරණයට බලයක් නැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post