News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

අද පාර්ලිමේන්තුවේදී එක ඡන්දයක් අඩු වුණ හේතුව ප්‍රකාශ කරයි

516 Views


අද පාර්ලිමේන්තුවේදී එක ඡන්දයක් අඩු වුණ හේතුව ප්‍රකාශ කරයි

පාර්ලිමේන්තුවේදී අද (30) සම්මත කර ගැණුනු යෝජනාවට පක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව ඊයේ (29) දිනයේ සම්මත කරගත් යෝජනාවට හිමි වූ ඡන්ද සංඛ්‍යාවට වඩා එකකින් අඩු වී තිබුණා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවීන් දිසානායක පැවසුවේ ඊට හේතු වූයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනසිංහ පෞද්ගලික කරුණක් මත අද පාර්ලිමේන්තු නොපැමිණීම බවයි.

ඒ පිළිබඳ මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවීන් දිසානායක වැඩි දුරටත් සඳහන් කළේ “ඊයේ අපිට ඡන්ද 123ක් ලැබුණා. අද එකක් අඩු වුණා. 122යි. එය සමස්ත බහුතරයට කිසිදු ගැටලුවක් නැහැ.” යනුවෙනි.

රාජ්‍ය අංශයේ නිලධාරීන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් පාර්ලිමේන්තුවේ බහුතරය අනුව ක්‍රියාකරනු ඇති බවට විශ්වාස කරන බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post