News Line| Off Air
Generic placeholder image

Nov
30

අපි ඕනෑම මැතිවරණයකට සූදානම් – UNF

400 Views


අපි ඕනෑම මැතිවරණයකට සූදානම් – UNF

එක්සත් ජාතික පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් නමුත් එම මැතිවරණ පැවැත්විය යුතු වන්නේ ඔක්තෝබර් 26 දාට පෙර පැවැති තත්ත්වය යටතේ බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සඳහන් කරනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කරන්නේ මැතිවරණ පැවැත්වෙන කාලයේදී භාරකාර රජයක් පවත්වා ගැනිම ගැටලුවක් බවයි.

ඔක්තෝබර් 26 දා ට පෙර පැවැති තත්ත්වය යටතේ මහ මැතිවරණයක්, ජනපති මැතිවරණයක් හෝ පළාත් සභා මැතිවරණයක් යන ඕනෑම මැතිවරණයකට එක්සත් ජාතික පෙරමුණ සූදානම් බවද ඔහු ප්‍රකාශ කරනවා.

එක්සත් ජාතික පෙරමුණ කිසිම මැතවරණයක් කල් නොදැමූ බවත් යහපාලන රජය යටතේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ වැළැක්වූ බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post