වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත්ව මාර්ග බාධක රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි පොලීසිය පවසනවා.ඔවුන් දෙදෙනාගේ මෘත ශරීර අද උදෑසන සොයාගෙන ඇති අතර මරණයට හේතුව මෙතෙක් අණාවරණය වි නොමැති බවයි පොලීසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග මත මඩකලපුව කොට්ඨාසභාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.