News Line| Off Air
Generic placeholder image

Nov
30

තිරිමාන්නට කලකට පසු අවස්තාව, මෙන්ඩිස් සහ දික්වැල්ලත් සංචිතයට නවසීලන්තයට යන ටෙස්ට් කණ්ඩායම මෙන්න

882 Views


තිරිමාන්නට කලකට පසු අවස්තාව, මෙන්ඩිස් සහ දික්වැල්ලත් සංචිතයට නවසීලන්තයට යන ටෙස්ට් කණ්ඩායම මෙන්න

එළඹෙන නවසීලන්ත තරග, සංචාරය සඳහා, ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.ඒ අනුව කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව ඇති අතර, උපනායකත්වය හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්නටයි.කලකට පසු ළහිරු තිරිමාන්නටද කණ්ඩායමේ අවස්ථාව හිමිව තිබිම විශේෂත්වයක්.  ශ්‍රී ලංකා සංචිතය පහත පරිදි වේ…

දිනේෂ් චන්දිමාල් (නායක) දිමුත් කරුණාරත්න (උපනායක), කුසල් මෙන්ඩිස්, ධනංජයද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, ළහිරු තිරිමාන්න, සදීර සමරවික්‍රම, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ණුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 15 දා ආරම්භවීමට නියමිතයි. තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම 04 දා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ.


News Articles
Latest Videos
Most Popular Post