News Line| Off Air
Generic placeholder image

Nov
30

රැහේ ඇත්තත් පක්ෂය මාරු කරයි කියලා බයයි – වන්නිලැත්තෝ

1094 Views


රැහේ ඇත්තත් පක්ෂය මාරු කරයි කියලා බයයි – වන්නිලැත්තෝ

ආදිවාසීන් නියෝජනය කරමින් අපේ රැහේ අයෙක් දදේශපාලනයට පිවිස තිබෙන බවත් වත්මන් පාර්ලිමේන්තුව ආදර්ශයක් කරගනිමින් ඉදිරියේ දී ඔහු ද පක්ෂ මාරු කර වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මෙන් නුසුදුසුව කටයුතු සිදුකරතැයි බියක් මතුවන බව වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තෝ ප්‍රකාශ කරනවා.

ඊයේ මහනුවරදී පැවති විජයග්‍රාහී ජාතික සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවු අවස්ථාවේදී ඔහු මේ බව සදහන් කළ සිටියේ ය.

මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ සමගි සම්පන්නව ක්‍රියාකළ නොහැකි නම් කෝටි දෙකක ජනගහණයෙන් යුතු රටක් සංවර්ධනය කළ හැකි වන්නේ කෙසේද යන්න ගැටලුවක් වන බවත් රටේ සංවර්ධනයක් අපේක්ෂා කරන්නේ නම් පාර්ලිමේන්තුවේ අර්බුදය විසඳීම සඳහා මැතිවරණයක් කරා යොමු වීම සුදුසු යැයිද ඔහු පැවසුවේය.

ගතවූ වසර ගණනාවක කාලය තුළ පාර්ලිමේන්තුව තුළ මෙවැනි අර්බුදයක් මතු වූ අවස්ථාවක් මම දැක්කේ නැහැ. පාර්ලිමේන්තුවේ හැසිරීම බෙහෙවින්ම කනගාටුදායකයි. පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ තීන්දු තීරණ අනුව කෝටි දෙකක් වන ජනගහනයේ සංවර්ධනය තීරණය කිරීම අතිශය තීරණාත්මක කාරණයක්. මන්ත්‍රීවරු මනා හික්මීමෙන් යුතුව සිටිය යුතු බව ඔහු සදහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post