News Line| Off Air
Generic placeholder image

Dec
1

මහින්දට බලය නැති බව පැහැදිලි යැයි ජනාධිපති කියලා

1041 Views


මහින්දට බලය නැති බව පැහැදිලි යැයි ජනාධිපති කියලා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බවට පැහැදිලි යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ප්‍රකාශ කරනවා.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා.

“අපි කිව්වේ ඔක්තෝබර් 26 දායින් පසුව ඇතිව තිබෙන ප්‍රශ්ණ විසඳහන්න කියා අපි කිව්වා. මෙහෙම රට ගෙනියන්න බෑ කියලත් කිව්වා. ජනාධිපතිතුමා කිව්වා දවස් තුන හතරකින් මේ ප්‍රශ්ණ විසඳනවා කියලා.

ලබාදෙන විසඳුම මොකක්ද කියලා කිව්වේ නෑ. මේ ප්‍රශ්ණ ටික අවසන් කරලා රට හොඳ විදිහට ගෙනියන බව ඔහු කිව්වා. පාර්ලිමේන්තුවේ 113ක් තිබෙන කෙනාව (අගමැති ලෙස) පත්කරනවා කියලා කිව්වා. මහින්ද මහත්තයාට බලය නෑ කියලා පැහැදිලියි කියලා කිව්වා.”


News Articles
Latest Videos
Most Popular Post