News Line| Off Air
Generic placeholder image

Dec
1

මැතිවරණයක් එන ලකුණු

698 Views


මැතිවරණයක් එන ලකුණු

ඉදිරි දෙවසර තුල මැතිවරණ තුනක් අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා අද රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවනාගාරයේ දී දිස්ත‍්‍රික්කයේ විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් අමතමින් ඔවුන්ට ඊට සුදානමින් ඉන්නැයි ප්‍රකාශ කළේය.

ඒ අනුව 2020 ඔක්තෝම්බර් මස 31 වන දින වනවිට පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අවසන් කළ යුතු බව ද අවධාරණය කර සිටියේය. එසේ ම එම වසරේ නොවැම්බර් 13 වන විට වත්මන් මැතිවරණ කොමිසමේ නිල කාලයද අවසන්වන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

නැගෙනහිර, උතුරු මැද සහ සබරගමු පළාත් සභා තුනේ නිල කාලය අවසන්ව මේවන විට වසරත් ඉක්මවා ඇති අතර මධ්‍යම, උතුර සහ වයඹ පළාත් තුනේ නිල කාලය ද මෑතකදී අවසන් වූ බවද පැවසීය.

මැතිවරණ කල් දැමීමෙන් ජනතාවගේ ජන්ද අයිතිය රජය විසින් අහිමිකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ඇතත් සිමා නිර්ණයන් අවසන් නොවීම ජන්දය පැවැත්වීමට බාධාවක්ව ඇති බව මැතිවරණ කොමිසම ඉදිරිපත් කළ කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළ්Eඅය. පාර්ලිමේන්තුව හෝ අධිකරණය පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස නියොග කළ හොත් ඒ මැතිවරණ කටයුතු පැවැත්වීමට කොමිසම ඕනෑම වෙලාවක සූදානම් බව ද ඔහු පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post