News Line| Off Air
Generic placeholder image

Dec
1

පැණි බීම සීනි බදු අඩුකරයි

1424 Views


පැණි බීම සීනි බදු අඩුකරයි

කාබනික බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 06ක් දක්වා ද, පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 09ක් දක්වා ද බද්දෙන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.

ඒසේම පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 1 කට අය කළ ශත 50 බද්ද ශත 30 දක්වා අඩු කිරීමට ද උපදෙස් ලබාදී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා හා පළතුරු බීම හා බිස්කට් නිෂ්පාදන ආයතන හිමියන් අතර පැවැති හමුවකන් අනතුරුව මෙම උපදෙස් අදාළ අංශ වෙත ලබාදී තිබෙනවා.

මේ හරහා වෙළඳ පොළේ පැණි බීම දැනට අලෙවි වන මිලට වඩා 30%කින් මිල අඩු කිරීමට හැකි වන බව නිෂ්පාදන ආයතන ප්‍රධානීන් ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය රජය බිස්කට් සඳහා සීනි බද්දක් අය කිරීමට සූදානමක් තිබූ බව එම සමාගම් වල නියෝජිතයින් මෙහිදී හෙළි කරන ලදී. එහෙත් වත්මන් රජය එවැනි සීනි බද්දක් අය කිරීමට කිසිඳු සූදානමක් නොමැති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ජාතික ආර්ථික සභාවේ දී ද මෙම කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, එකී සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස ජාතික ආර්ථික සභාවේ මඟපෙන්වීම හා අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා වශයෙන් ලබාදෙන ලද උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශය මෙම සහනය ලබාදීමට තීරණය කෙරිණි.


News Articles
Latest Videos
Most Popular Post