News Line| Off Air
Generic placeholder image

Dec
2

වෙලාවට වැඩට එන්න බැරි රජයේ සේවකයෝ ඇඟිලි සළකුණු යන්ත්‍රයට ඇසිඩ් ගහලා

663 Views


වෙලාවට වැඩට එන්න බැරි රජයේ සේවකයෝ ඇඟිලි සළකුණු යන්ත්‍රයට ඇසිඩ් ගහලා

බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් ආයතනයක සවිකර තිබූ “ඇඟිලි සලකුණු” යන්ත්‍ර දෙකක්‌ යම්කිසි පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් විනාශ කර දමා තිබෙන බව වාර්තා වෙනවා. මෙම ඇඟිලි සලකුණු යන්ත්‍ර හේතුවෙන් නියමිත වේලාවට රාජකාරියට වාර්තා කිරීමට සිදුවීමෙන් අපහසුතාවයට පත්වූ පාර්ශවයක් විසින් මෙම යන්ත්‍ර මෙලෙසින් විනාශ කර තිබෙන බවට සැක කරන අතර ව සම්බන්දව විමර්ශණ කටයුතු මේ වන විට සිදුවනවා.මෙම ඇඟිලි සලකුණු යන්ත්‍ර නැවතත් පාවිච්චියට හෝ අලුත්වැඩියා කළ නොහැකි තත්ත්වයට “ඇසිඩ්” දමා අක්‍රීය කර ඇතැයි බේරුවල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්‌වීමේදී හෙළිදරව් උනා. එම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් මෙම හෙළිදරව්ව කරන ලද්දේ අලුතින් ඇඟිලි සලකුණු යන්ත්‍ර මිලදී ගැනීමේ හේතු පහදමිනි.


News Articles
Latest Videos
Most Popular Post