News Line| Off Air
Generic placeholder image

Dec
2

ශ්‍රී ලංකා ක්‍රිකට් අසේලව යළි කැදවයි

1236 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් අසේලව යළි කැදවයි

ආසියානු නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ශ‍්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ චරිත් අසලංකයි. උප නායකයා ලෙස ශම්මු අෂාන් නම් කර ඇති අතර කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප‍්‍රනාන්දු සහ හසිත බෝයගොඩ ද ඒ සඳහා නම් කර තිබෙනවා. අසේල ගුණරත්න ද කාලෙකට පසුව ශ‍්‍රී ලංකා නැගී එන කණ්ඩායමට කැඳවා තිබෙනවා.

මේ තරගාවලියේ ඒ කාණ්ඩයන් තරග වදින්නේ ශ‍්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව සහ ඕමානයයි.
බී කාණ්ඩයෙන් පකිස්තානය, බංග්ලාදේශය, හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග වදිනවා.

පළමු තරගය ලබන 06වැනිදා පාකිස්තානය සහ හොංකොං අතර කරච්චිහිදී පැවැත්වෙනවා.

අවසන් තරගය ලබන 15වැනිදා පැවැත්වෙන්නේ කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදීයි.


News Articles
Latest Videos
Most Popular Post