News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
3

‘කරුණා අම්මාන්..මතක තියාගන්නවා මම සරත් ෆොන්සේකා‘ – මඩකලපුවේ කරුණාගේ කතාවට සරත් ෆොන්සේකාගෙන් සැර පිළිතුරක්

1009 Views


‘කරුණා අම්මාන්..මතක තියාගන්නවා මම සරත් ෆොන්සේකා‘ – මඩකලපුවේ කරුණාගේ කතාවට සරත් ෆොන්සේකාගෙන් සැර පිළිතුරක්

පොට්ටු අම්මාන් නෝර්වේ රාජ්‍යයේ ජීවත්වන බවට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ කරුණා අම්මාන් පසුගියදා සති අන්ත පුවත්පකට ප්‍රකාශ කර තිබුණි.

එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මඩකළපුව වවුනතිව් මාර්ග බාධකයේ සේවයේ නියුතුව සිටි ‍පොලිස් නිලධාරින් දෙදෙනාගේ ඝාතනයද එල්.ටී.ටී.ඊ යේ යළි පිබිදීමේ වැඩපිළිවෙළ ඔස්සේ හිටපු කොටි සාමාජිකයන්ගේ මැදිහත්වීමෙන් සිදුවන්නට ඇතැයි විශ්වාස කළ හැකි බවය.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා තම ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වා තිබෙනවා.

‘අපි, පොට්ටු අම්මාන් සටන් බිමේදී ඉවර කලා. නැගිටින්න වෙන්නේ මළවුන්ගෙන් තමයි දැන්. අසත්‍ය ප්‍රචාරයන්ට රැවටෙන්න එපා. අපේ රණවිරුවන් ඒ වගකීම ඉටුකර අවසානයි ‘ යනුවෙන් එහි සඳහන්ව තිබේ.

එමෙන්ම තමා කවුරුන්දැයි මතක තබා ගන්නා ලෙසද කරුණා අම්මාන් වෙත ෆොන්සේකා මහතා සඳහන් කර ඇත.

‘කරුණා අම්මාන්ට…රට තුල අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්න උත්සාහ කරන්න එපා…මතක තියාගන්න මම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා‘‘.


News Articles
Latest Videos
Most Popular Post